කතරගමදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

කතරගමදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

තංගල්ල දිසා බුද්ධි සේවා කාර්යාංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටින මෙම පොලිස් නිලධාරියා තම සේවා ස්ථානයට වාර්තා කිරීමට යමින් සිටියදී කතරගම බස් නැවතුම්පොළ අසලදී ත්‍රිවිල් රථයකින් පැමිණි කිහිප දෙනෙකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීම නිසා ඔහුගේ වම් අතට තුවාල සිදු වී ඇති අතර දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවයි දෙබරවැව රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා කතරගම වල්ලිමතාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු යතුරුපැදියකින් නිවසේ සිට පැමිණ යතුරුපැදිය කතරගම බස් නැවතුම්පොළ අසල නිවසක නතර කර බස් රථයකින් තංගල්ලට ගමන් කිරීම දිනපතා සිදුකර ඇති අතර අද දිනද යතුරුපැදිය නතර කර කතරගම බස් නැවතුම්පොළට පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කතරගම පොලිසිය හා තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment