නිරුවත් වීඩියෝ මුදාහරිනබව කියමින් පෙම්වතිය බියවද්දා මුදල් ගැරූ පෙම්වතා රිමාන්ඩ්

කාලයක සිට තමන් ඇසුරු කළ පෙම්වතිය බිය ගස්වා ඇයගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින  බවට තර්ජනය කරමින් ලක්ෂ 10 කට අධික මුදල් ලබාගත් අයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කුරණ
ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි විවාහකයෙකි.

වෙන්නප්පුව ප්‍රදේශයේ තරුණියක් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාරවිල අධිකරණය නියෝග

කර තිබේ.

සැකකරුගේ නිවසේ තිබූ පරිගණකයක හා ජංගම දුරකථනයේ පැමිණිල්ල කළ තරුණියගේ නිරුවත් වීඩීයෝ දර්ශන ඇතුළත් ෆයිල් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි. සැකකරුගෙන් ලද තොරතුරු මත මෙම වීඩියෝ දර්ශන සඟවා ඇති බවට ඇති වු සැකයක් මත සැකකරුගේ පියාට අයත් වීඩියෝ පට අලෙවිසැලක් පරීක්ෂා කිරීමේදී එහි අලෙවියට තබා තිබූ අසභ්‍ය වීඩියෝ පට හේතුවෙන් 44 හැව්දි සැකකරුගේ පියා ද සැකපිට අත්අගුවට ගත් බව පොලිසිය කියයි.

වෙන්නප්පුව පොලීසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment