පක්ෂෙන් පිට කිසිකෙනෙකුට තනතුරු ගන්න දෙන්නේ නැහැ - අමරවීර

පක්ෂෙන් පිට කිසිකෙනෙකුට තනතුරු ගන්න දෙන්නේ නැහැ - අමරවීර

 

තනතුරු වල එල්ලී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඕනෑම අවස්ථාවක ඉන් ඉවත් වීමට සුදානම් බව ජනාධිපතිවරයාව පවා දැනුවත් කර ඇති බවයි අමරවීර මහතා කියා සිටියේ.

"මම අවස්ථා ගණනාවකදී ජනාධිපතිතුමාට කියලා තියෙනවා මම මේ තනතුරුවලින් ඉවත් වෙන්න සුදානම් කියලා . හැබැයි අපි ඒ තනතුරු තවත් පක්ෂෙකට ගෙනියන්න දෙන්නේ නැහැ. අපි තනතුරු නැවත දෙන්නෙත් නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න. අපේ මිත්‍රයෙක් ඉන්නවා බැනලා නැත්තේ බුදුහාමුදුරුවන්ටයි ජේසුස් වහන්සේටයි අල්ලා දෙවියන්ටයි විතරයි. අනිත් ඔක්කොටම බැනලා තියෙනවා. බුදුහාමුදුරුවන්ට බැන්නේ නැති වුණාට හාමුදුරුවන්ට බැනලා තියෙනවා. ඒ නිසා එයා කියන ඒවා මේ රටේ මිනිස්සු තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ."

කෙසේවෙතත් රජය විසින් ඉටු කළ කාර්යයන් ජනතාව අතරට ගෙනයාමට අසමත්වීම හේතුවෙන් රජයට පසුබෑමට සිදු වූ බව අමරවීර මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළ කර මේ වන විට ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව සිටින බව ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු 16 දෙනා අතර වන හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගියදා මාධ්‍ය හමුවේ සඳහන් කළේ පක්ෂය තුළ මහා කේළම්වරු දෙදෙනෙකු සිටින බවත් ඔවුන් තවදුරටත් එම තනතුරු වල නොසිටිය යුතු බවත්ය.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment