මුරලිට වැරදිලා - තිලංග සුමතිපාල

මුරලිට වැරදිලා - තිලංග සුමතිපාල
පසුගිය 17 වැනිදා ඉන්දියාවේ The Economics Times පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මුරලිදරන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිහාණියට වගකිව යුත්තේ දේශපාලනඥයන් බවයි. දේශපාලනඥයන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ වීම හරහා ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ බව ද ඔහු පවසා තිබේ.
 
ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ විශ්වාස තහවුරු කළයුතු බවත් එහෙත් දේශපාලනඥයන් විසින් ක්‍රීඩාව විනාශ කිරීම හරහා ක්‍රීඩකයන්ගේ විශ්වාස බිඳවැටී ඇති බවත් මුරලි පවසයි. වසරක කාලය තුළදී ක්‍රීඩකයන් 60 කට වැඩි ප්‍රමාණයක් අත්හදා බලා ඇති බවත් පෙන්වාදෙන මුරලිදරන් විමසන්නේ එවැනි තත්වයක් තුළ ක්‍රීඩකයන් විශ්වාසය ගොඩනගා ගනිමින් ක්‍රීඩා කරන්නේ කෙසේද යනුවෙනි.
 
මුරලිදරන්ට ජාත්‍යන්තරයේදී ගැටලු ඇති වූ සෑම අවස්ථාවකදීම ඔහු බේරාගැනීමට කටයුතු කළ බවත් එහෙත් අද ඒවා ඔහුට අමතක වී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment