ඈම්ප් එකේ වොලියුම් අඩු කරන්නැයි විනිසුරු ඉලංචේලියන් ගෙන් පූසාරිලාට නියෝග


කෝවිල් ශබ්දවිකාශන යන්ත්‍රවල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පුජා පවත්වන්නැයි  යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලච්චෙලියන් මහතා යාපනයේ නායත්මාර්තකණ්ඩු කෝවිල් පුසාරිවරයාට නියෝග කොට තිබේ. එම පළාතේ පිරිසක් විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරන
ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත්කොට තිබුණි. එම පෙත්සම මගින් කියා තිබුණේ පළාතේ පාසලට, ඉගනුම ලබන දරුවන්ට හා රෝගීන්ට මෙම කෝවිලේ ශබ්දවීකාශන යන්ත්‍රවල හඬ වැඩි වීම විශාල බාධාවක් බවයි.

 ඒ අනුව කෝවිල් ශබිදවිකාශන යන්ත්‍රවල හඩ අඩු කරන මෙන් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන  මෙන් පළාතේ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී තිබුණි.
ග්‍රාම නිලධාරියා විසින් ඉදිරීපත් කරන ලද වාර්තා දෙකක සදහන්ව තිබුණේ

කෝවිලේ ශබ්දවිකාශන යන්ත්‍රවල හඩ තවමත් අඩු කොට නොමැති බවයි.

මේ අතරතුර කලින් පිරිස විසින්ම යළිත් මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ පළමු නියෝගය කෝවිල් භාරකාරීත්වය විසින් නොසලකා හැර ඇති බවටයි.

පසුව මෙම පෙත්සම නැවත සලකා බැලීමට සියලු පාර්ශව පසුගියදා යාපනය මහාධිකරණයට කැඳවා තිබුණි.
මෙහිදී අධිකරණයේ නියෝග මත ශබ්දවිකාශන යන්ත්‍රවල හඩ අඩු නොකිරීමට හේතුව විමසු අවස්ථාවේදී කෝවිලේ පුසාරිවරයා පවසා ඇත්තේ දෙවිවරුන් ශබ්ද පූජාවන්ට වඩාත් ප්‍රිය බව සදහන් නිසා තමන් කෝවිල් ශබ්ද විකාශන යක්තවල හඩ වැඩි කළ බවටයි.

එම පිළිතුර අනුව තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ දෙවියන්ට මනුෂයයන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්දවිකාශන යන්ත්‍රවල ශබිදය වහාම අඩු කිරීමට පියවර ගත යුතු බවත් දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන ලෙසටත් පළාතේ ජනතාවට බාධාවක් හෝ හිරිහැරයක් නොමැතිව සාමාකාමීව ජීවත් වීමෙන් දෙවියන්ද එයට තවත් ප්‍රිය කරන බවත්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment