20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දෙයි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දෙයි

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ය.

එය භාර දීමට පෙර මාධ්‍ය හමුවේ අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් දැක්විය.

"විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අප රටේ අවස්ථා ගණනාවකදී ජනවරම ලැබී තිබුණද ජනාධිපති පුටුවේ වාඩි වූ පසුව එම ජනවරම, ජනතාවට දෙන ලද එකඟතාවයට මුළුමනින්ම පටහැනිව කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඔවුන් එම ජනවරමට පටහැනිව කටයුතු කරමින් සිටින අවස්ථාවක අපි ඒ ජනවරමට අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යෝජනා කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට බාර දීමට බලාපොරොත්තු වෙනවා. "

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment