සන්ධාන ලේකම් තනතුර එස්බීට?

සන්ධාන ලේකම් තනතුර එස්බීට?

එයට හේතු වී ඇත්තේ 16 කල්ලියේ සාමාජිකයන් කිහිප දෙනෙකු මේ වනවිට විදෙස්ගතව සිටීමයි.

මෙම සාකච්ඡාව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ ශ්‍රීලනිපයේ බලය 16 කල්ලිය අතට ගැනීම බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ශ්‍රීලනිපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් විපක්ෂයේ සිටින බැවින් පක්ෂයේ බලය තමන් අතට ගැනීමට හැකියාවක් තිබෙන බව 16 කල්ලියේ අදහසයි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහායෙන් පක්ෂයේ බලය අතට ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුර අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ. 16 කල්ලිය ආණ්ඩුවෙන් ඉවත් වූ සැනින් ශ්‍රීලනිපයේ සහ සන්ධානයේ නිලධාරී මණ්ඩලය වෙනස් කළ යුතු බව ප්‍රකාශ කළේය. ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ පක්ෂයේ සහ සන්ධානයේ ලේකම් ධුර අත්පත් කර ගනිමින් ඒ හරහා පක්ෂයේ බලය අතට ගැනීමටයි. 16 කල්ලිය ශ්‍රීලනිප සහ සන්ධාන ලේකම්වරුන්ට ප්‍රසිද්ධියේ චෝදනා කරමින් කියා සිටින්නේ ඔවුන් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදි ශ්‍රීලනිපය හා සන්ධානය හසුරුවමින් සිටින බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් සන්ධාන ලේකම් මහින්ද අමරවීර මහතා සන්ධාන ලේකම්ධුරයෙන් ඉවත් වීමට සූදානම් වුවද ජනාධිපතිවරයාගේ බලකිරීම මත ඔහු සිය තීරණය වෙනස් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment