මං කවදාවත් ටියුෂන් ගිහින් නැහැ - ජනාධිපති

පසුගිය 23 දා බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ 23දා පැවැති උත්සවය අමතමින්  කතා කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

‘අද අපි

ජීවත්වන්නේ ශීඝ්‍රයෙන් විනාශය කරා යන රටකයි. අන්තර්ජාල, දුරකථන පහසුකම් ඇතුළු නොයෙකුත් සන්නිවේදන මෙවලම්වලින් දියුණු වන රටක සමාජයට කොයි තරම් අභියෝගවලට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවාද?
අද වන විට ගුරු වෘත්තිය ‘වෘත්තියක්‘ පමණක් හැටියට සලකන යුගයක් වුවත් එදා සේවයක් විදියට සැලකුවා. පාසල්වල සේවය කරන ගුරුවරුන් අතරින් සියයට අටක් නමයක් පමණ පිරිසක් ගුරු සේවයට සුදුසු අය නොවන බව වාර්තා වුණා. මගේ පාසල් කාලය තුළ මම කවදාවත් උපකාරක පන්තියකට ගිහින් නැහැ. ගුරු සේවය ගැන කතා කරන විට ජනාධිපතිවරයෙක් වීම දක්වා මගේ මතකයේ තිබෙනවා. සමහර විට අපිට පාසල්වලින් නොසැලකුණු අවස්ථා තිබෙනවා.

බිංගිරිය - වී. සෝමවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment