මෙම වගා දෙකට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ග්ලයිපොසේට් ආනයනය කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
රජරට ප්‍රදේශය මූලික කර ගනිමින් ව්‍යාප්ත වූ වකුගඩු රෝගය හේතුවෙන් වසවිසෙන් තොර කෘෂිකර්මාන්තයක අවශ්‍යතාව පිළිබඳ වූ සංවාදයට සමාන්තරව ග්ලයිපොසේට් තහනම් කෙරිණි. ග්ලයිපොසේට් තහනම් කළද ඊට නිසි විකල්පයක් නොවුණු අතර ඉන් බරපතල බලපෑමක් අත්වූයේ තේ වගාවටය. ග්ලයිපොසේට් භාවිතය තේ වගාවට නොමැති වීම හේතුවෙන් මෙරට තේවල ගුණාත්මකභාවයට දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් එය සමස්ත කර්මාන්තයට වන බලපෑමක් නිසා තේ වගාවට හෝ ග්ලයිපොසේට් භාවිතයට ඉඩ දිය යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක මහතා දිගින් දිගටම අවධාරණය කෙරිණි.
එහෙත් ඊට පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ දැඩි ලෙස විරෝධය පළ කළ අතර ග්ලයිපොසේට් තහනම ඉවත් කරන්නේ නම් එය අනාගත දේශපාලන වෙනස්කම් සිදුවීමේ තැනකට වුව යා හැකි බවයි උන්වහන්සේ අවධාරණය කළේ.
ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සඳහා සලකා බැලීමට අමාත්‍ය නවීන් දිසානායක හා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ කමිටුවක්ද පත්කරන ලදී.
කෙසේ වෙතත් අපනයන කෘෂිකර්මාන්තයට අත්‍යාවශ්‍ය රසායනිකයක් වන ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට මේ වන විට රජය තීරණයකට පැමිණ තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment