අඩ සියවසකට වැඩි කාලයක් මෙරට සිනමාවේ සෑම රේඛාවක්ම සියුම්ව හඳුනාගත් ඒ මහතා සදහටම අපෙන් සමුගෙන ගියේ මෙරට ජනතාවගේ සිත් තුළ නොමැකෙන නාමයක් ඉතිරි කරමිනි.
එතුමන් හට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශීය විදේශීය කලාකරුවන් මෙන්ම සිනමා නිෂ්පාදකයන් ඇතුළු විශාල ජනකායක් පැමිණ සිටියහ.
ඉන්දීය සිනමාවේදී අදූර් ගෝපාල් ක්රිෂ්ණන් මහතා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අවසන් ගෞරව පුද කිරීම සඳහා නිදහස් චතුරශ්රයට පැමිණ සිටි අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා දිවිය අගයමින් කතාවක්ද සිදු කළේය.
තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය එදින පස්වරු 3.00 ට පමණ කොළඹ නිදහස් චතුරශ්රයට පෙරහරකින් රැගෙන ආවේය. එහිදී ජාතික චිත්රපට සංස්ථාව අසළ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් විශේෂ උපහාරයක් ද පුද කෙරිණි.
නිදහස් චතුරශ්රයේ සකස් කර තිබූ විශේෂ පීඨිකාවේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කරනු ලැබීය.
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
0 comments :
Post a Comment