ඥානසාර හිමිට ජනපතිගෙන් පොදු සමාව ලැබෙයි ද?



බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම්, දඩ හා වන්දි නියම කරමින් හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලබාදුන් තීන්දුව හා දඬුවමට පොදු සමාවක් දෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඉල්ලා සිටිති.

ජනපතිවරයාට ලිපියක් යවමින් උන්වහන්සේ මේ ඉල්ලීම කර තිබේ.

වරදකට දඬුවම් ලබාදීමට උරණ නොවන බවද සිය ලිපිය මගින් දක්වා ඇති ආනන්ද හිමියෝ මේ රටේ මීට වඩා අපරාධ කළ අය අල්ලා ගැනීමට හෝ නොහැකි තත්ත්වයක් තිබියදී ඥානසාර හිමියන්ට මෙවැනි දඬුවමක් ලබාදීම යුක්තිසහගත නොවන බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

ඥාණසාර හිමියන්ට පොදු සමාවක් ලබාදෙන තෙක් උන්වහන්සේ පැළඳ සිටින අරිහත් ධජයට අගෞරව නොකරන ලෙස බලධාරීන්ට උපදෙස් දෙන ලෙසත්, බෞද්ධ රාජ්‍යක බෞද්ධ රාජ්‍ය නායකයකු හැටියට ජනපතිවරයාට මෙය දැනුම් දෙනබවද එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment