මුල් මාස 06 දී ලක්ෂ 11 ½ ක සංචාරකයින් ඇවිත්.


2018 පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවටඩ පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. මෙය පසුගිය 2017 වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,010,444 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 15.3% ක ඉහළ යාමකි.

මේ අතර පසුගිය ජූනි මාසයේ දී 146,828 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර 2017 ජූනි මාසය හා සැසඳීමේ දී එය 19% ක වැඩි වීමකි.

2018 ජූනි මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි එටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රජධානිය සටහන් වේ. එහිදී 2017 ජූනි මාසයට සාපේක්ෂව ඉන්දීය සංචාරකයින් 18.4% කින්, චීන සංචාරකයින් 18.7% කින් හා එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 16.1% කින් ඉහළ ගොස් ඇත.

ජූනි මාසයේ දී පැමිණි 146,828 ක්වූ සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 3,569 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙනි.

මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද දත්ත වාර්තා කිහිපයක් පහත දැක්වේ.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment