ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් ඇතුළු අලුත් බස් 1500ක් ලංගමට.


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා මේ වසරේ තවත් බස් රථ 500ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 20ක වියදමින් මෙම බස්රථ ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද ඒ මහතා කීය. ඉන්දියාවෙන් ගෙන්වන මෙම බස් රථ 500ට ආසන 54 බස්රථ 400ක් සහ ආසන 35 බස් රථ 100ක් ඇතුළත් බවද ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම, මෙම බස්ර, 500ට අමතරව කාලයට ඔබින ආයුරින් පා පුවරුව පහතින් සකසා ඇති බස් රථ 1000ක් හංගේරියාවෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බවද, හංගේරියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත එම බස් රථ ගෙන්වීම ඒ සඳහා රජයට හෝ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට කිසිදු මුදලක් වැය නොවන බවද අශෝක් අබේසිංහ මහතා පෙන්වා දෙයි.

මෙම බස් රථ 1000ට හයිබ්‍රිඩ් වර්ගයේ බස් රථ, 750ක් සහ විදුලියෙන් ක්‍රියා කරන බස් රථ 250ක් ඇතුළත් වන බවද, ඒවා බොහෝ දුරට ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට මෙරට ධාවනය සඳහා යෙදවීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කරයි.

එසේම හංගේරියාවෙන් මෙම බස්රථ ගෙන්වීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය මේ සතියේ ලැබෙනු ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේදී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment