සිරගෙදර ඇලෝසියස්ගේ මෙට්ටය යට දුරකථනයක් හා සිම් කාඩ් 5ක්


අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන රඳවා සිටින බන්ධනාගාර වාට්ටුව පරීක්ෂා කිරීමේදී ඇලෝසියස් භාවිතා කරන මෙට්ටය හා කොට්ටය අතර  සඟවා තිබූ ජංගම දුරකතනයක් ද එම වාට්ටුවේම තිබී  සොයා
ගැනීමට බන්ධනාගාර

නිලධාරින්ට හැකිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්  යසන්ත කෝදාගොඩ මතා ඊයේ (05) කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

 එම සැකකරු බන්ධනාගාරයේ සිට ඔහුගේ පවුලේ ඥාතීන් හා බැඳුම්කර වංචාවට ආධාර අනුබල දුන් අනෙක් පාර්ශව සමග දුරකතන මාර්ගයෙන් සබඳතා පවත්වන  බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු තොරතුරක් අනුව 2018.06.29 වැනිදා පස්වරු 2.00ට පමණ එකී හදිසි වැටලීම් කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේය

  එම ජංගම දුරකථනයට අමතර ''එච්'' වාට්ටුවේ සගවා තිබු තවත් ජංගම දුරකථන දෙකක් සොයාගත් බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment