ඇමතිවරයෙකුගේ ආරක්ෂාවට ප්‍රබල පාතාලයින් 5ක්?



පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පාතාල සාමාජිකයන්යැයි කියන පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවට තොරතුරු හෙළිකරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (16) පැවසීය.

මෙම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින විශේෂ පොලිස් කණ්ඩායම සතුව ඇති බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටී.

මේ පස්දෙනා අතර පොලිසියේ රාජකාරි කරද්දී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයකුද සිටින බව පැවසේ.

ඇමතිවරයාගේ කාර්යාලයේ සේවයේ යෙදීසිටින බව කියන ප්‍රබල පාතාල නායකයකුයැයි කියන පුද්ගලයකු මෑතකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලිසිය කියයි.

මේ අතර පාතාලයන් පස්දෙනකුගේ රැකවරණය ලබන බව කියන මෙම ඇමතිවරයා සිය බල ප්‍රදේශයේ පොලිසි මගින් හෙරොයින් හා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගන්නා ඇතැම් සැකකරුවන් මුදාගැනීමට දැඩි ලෙස බලපෑම් කරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හෙරොයින් ග්‍රෑම් පහක් සහ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු සහ කේරළ ගංජා ග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදාහරින ලෙස මෙම ඇමතිවරයා මෑතකදී පොලිසියට දුරකථනයෙන් කතා කර බලපෑම් කර ඇතැයිද වාර්තා වේ.

(ලංකාදීප)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment