දඩයම් කළ මාධ්‍යවේදීන්ට සහනයක්.



පසුගිය 2005 - 2015 අතර දසවසරක කාලයේදී හිරිහැර හා පීඩනයට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලැසීමට කැබිනට් තීරණයකට අනුව පත් කළ ඇමති අනුකාරක සභාවට කරුණු කියන්නට හා යෝජනා ඉදිරිපත් කිරීමට ලබන අගෝස්තු 10 වැනිදා දක්වා නැවත කල් ලබාදී තිබේ.

එම කාලයේදී ඝාතනයට ලක්වූ, පහරකෑමට ලක්වූ, අත්අඩංගුවට පත්වූ හා විවිධ පීඩාවන්ට ලක්වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට මේ සඳහා කරුණු ඉදිරිපත් කිරීම, යෝජනා ඉදිරිපත් කිරීම හා ඉල්ලීම් ඉදිරිපත් කිරීම සිදු කළ හැකිය.

මේ යෝජනා හා ඉල්ලීම් 2018 අගෝස්තු 10 වැනිදාට පෙර පහත සඳහන් ලිපිනය, ෆැක්ස් අංකය හෝ විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියා සිටී.

ලේකම්,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය,
අංක 163, “ඇසිදිසි මැඳුර”,
කිරුළපන මාවත, පොල්හේන්ගොඩ,
කොළඹ 05.

ෆැක්ස් - 0112 513645 / 0112 513469
විද්‍යුත් ලිපිනය (ඊමේල්) - media@mediagov.lk

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment