අභියාචනාධිකරණ තීන්දුව නිසා ගෝඨාගේ නඩුව කල් යයි

Gotabaya_13_11

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අභියාචනාධිකරණය මගින් ලබාදී තිබු තාවකාලික තහනම් නියෝගය හේතුවෙන් එම නඩුව ලබන ඔක්තෝබර් 30 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට අවකාශය සලසමින් කෝටි 1140 ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම පවරා තිබු නඩුව අද (9) අධිකරණය හමුවේ කැඳවිණි. එහිදී ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පැවසුවේ අභියාචනාධිකරණය මගින් තාවකාලික වාරණ නියෝගයක් පනවා ඇති බැවින් මෙම නඩුව කල්තබන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙහි චූදිතදෙයකි.  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget