හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි


එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්තවී තිබේ.
කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ සිටියදී ඊයේ (05) රාත්‍රී වී.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ
ඥාතියෙකු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයාගේ දේහය මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ. මිය යන විට ඒ මහතා 51 වන වියේ පසුවිය.

ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා   ප්‍රසිද්ධ වේදිකාවක “ලංකාවට එහෙම වෙන්නේ ඇයි” ගීතය ගායනා කිරීමෙන් පසු මහින්දට අපහාස කළැයි පවසමින් පහර දීමට තැත් කිරීමේ සිද්ධියක් නිසාද  වි.කේ ඉන්දික මහතා 2012 වසරේ කතාබහකට ලක්විය.
වී.කේ ඉන්දික මහතා 2015 වසර වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබිණි
ඔහු 1990  වසරේදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්ව 2009 වසර දක්වා අවස්ථා කිහිපයකදී පළාත් අමාත්‍ය ධුරයන් රැසක ද කටයුතු කළ අයෙකු වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment