ව්‍යාජ මුදල් නෝට්ටු සමග හිමිනමක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 මුදල් නෝට්ටු 2ක්, ස්කෑනරයක් සහිත මුද්‍රණය යන්ත්‍ර 02ක්, කඩදාසි තොගයක් සමග භික්ෂූන්වහන්සේ නමක් හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ ප්‍රදේශයේ

රජමහා විහාරස්ථානයක වාසය කරමින් සිටි මෙම භික්ෂූන් වහන්සේ මෑතක දී නවගත්තේගම - මැහමැද්දෑව විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උපස්ථාන කිරීමට කියා එහි පැමිණ තිබෙන අතර ඊයේ සවස හලාවත නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට රුපියල් 1000 නෝට්ටු ලබා දී විවිධ දෑ මිලදී ගෙන තිබෙයි. එම අවස්ථාවේ දී සැකසිතූ ව්‍යාපාරිකයෙකු හලාවත පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව හිමි නම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී උන් වහන්සේ පැමිණි ත්‍රීරෝද රථයේ රියදුරු ද ත්‍රීරෝද රථය දමා පළාගොස් තිබෙන අතර හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විහාරස්ථානයේ විහාරාධිපති හිමි නම ද රෝහලෙන් පළාගොස් ඇත.  හලාවත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment