
පිටකොටුව හෙට්ටිවීදියේදී අද (09) සිදු වූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වන ක්‍රිෂ්ණාපිල්ලෙයි ගිරුබානන්දන් (40) මහතා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු ස්වාධින කණ්ඩායමකින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී කොළඹ මහනගර සභාවට තේරීපත් වු මන්ත්‍රීවරයෙකි. හෙට්ටිවීදීයේ පිහිටි එම මන්ත්‍රීවරයාගේ වෙළෙඳසල තුළදී මෙම වෙඩිතැබීම සිදු වී ඇතැයි පොලීසිය කියයි. සුදු පැහැති හිස්වැසුමක් පැළැඳ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු මන්ත්‍රීවරයාගේ වෙළෙදසල ආසන්නේ සුළු වේලාවක් රැදී සිටීමෙන් පසු වෙළෙදසල තුළට ගොස් මන්ත්‍රිවරයාට වෙඩි තබා පළා ගොස් ඇතැයි මුලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment