ඉල්ලීම් ලබා නොදුන් නිසා පේරාදෙණි ඉංජිනේරු සිසුන් සරසවි ඔෆිස් එකේ පදිංචි වෙලා


පේරාදෙණිය ඉංජිනේරු පීඨ සිසුන්ගේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා නොදීම නිසා ඊට එරෙහිව විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල පසුගිය 13 වැනිදා තමන් යටතට ගත් බව ශිෂ්‍ය සංගම් දන්වා සිටී.

ශිෂ්‍ය මර්දනය සහ අධ්‍යයන

කටයුතු මෙන්ම සුබසාධන කටයුතු නිසි පරිදි ඉටු නොවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සිදු කළ විරෝධතාවට පිඨ සහ විශ්වවිද්‍යාල බලධාරීන් නිසි විසඳුමක්
නොදීම නිසා මෙසේ පරිපාලන ගොඩනැගිල්ල අල්ලා ගත් බව ඉංජිනේරු ශිෂ්‍ය සංගමය කියයි.
සති දෙකකට අධික කාලයක් පීඨ පරිශ්‍රයේ සිදු කළ උද්ඝෝෂණ වලින් පසු මෙසේ කටයුතු කර ඇත.
 උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක පවසන්නේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය අනවබෝධයකින් යුතුව මෙසේ සනාතන මන්දිරය තුළට කඩා වැදී පදිංචිවීම නිසා විශ්වවිද්‍යාල පරිපාලන කටයුතුවලට දැඩි බාධාවක් සිදුවි ඇති බවය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget