තායි දරුවන් බේරගන්න ගිය කිමිදුම්කරුවෙකු ඔක්සිජන් නැතිව මරුට

තායිලන්තයේ භූගත ලෙනක් තුළ සිරවී සිටින කුඩාදරුවන් පිරිස මුදා ගැනීමේ මෙහෙයුමේ නිරත කිමිදුම්කරුවෙකු මිය යාමේ ශෝචනිය පුවතක් වාර්තාවේ.
දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙනතුළ කුහරයක සිරවී ඇත්තේ අධික ගංවතුර තත්වයක් මැද වන අතර ඔවුන් මුදා ගැනීමේ ජාත්‍යන්තර මට්ටමේ මෙහෙවයුමක් මේ වනවිට ක්‍රියාත්මක වුවද පවතින අසීරු
තත්වය මත මාස

ගණනාවක් ඔවුන්ට එහි ගත කරන්නට සිදුවුනු ඇතැයි වාර්තා පළව තිබුණි. මේ අතර සිරවී සිටින අයට සහන සලසමින් එරට නාවික නිලධාරීන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී.
 මෙහෙයුම් අතරතුර මෙලෙස මිය ගොස් ඇත්තේ, එරට නාවික හමුදාවේ හිටපු ‍සෙබලෙකු ලෙස කටයුතු කළ සම්රාන් පුනම් නමැති කිමිදුම්කරුවෙකි.
ඔහු ඊයේ රාත්‍රියේ ලෙනේ පිටවීමේ මාර්ගයක් ලෙස භාවිත කළ හැකි ස්ථානයක් තුළ ඔක්සිජන් ටැංකි තැන්පත් කිරීමට යාමේදී මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඔහුට ඔක්සිජන් ප්‍රමාණවත් නොවීමෙන් බව වාර්තා විය.
ලෙන තුළ ඉතා අසීරු තත්ත්වයක් පවතින අතර තද වැසි ආරම්භ වීමට පෙර පිරිස ඉන් පිටතට ගන්නට බැරි වුවහොත් සිරවී සිටින අයගේද ජීවිත අවදානමක් පවතී.
තායිලන්තයේ,  තාම් – ලූවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමට ගිය තායිලන්ත නාවික හමුදා කිමිදුම්කරු කළ සේවය අගයා චියං රායි ප්‍රාන්ත රජය ඇගයීම් කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment