'මරණ දඬුවමත් ජනාධිපතිගේ පොලිතීන් තහනම වගේ වෙයි' - සරත් ෆොන්සේකා



මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා පැවසුවද එය ක්‍රියාවට නංවන තුරු තමන්ට විශ්වාසයක් නොමැති බව වනජීවී අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ස්ථාපිත කර ඇති අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවෙමින් සිටින අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක වන්නේ නම් එය ප්‍රශංසනීය ක්‍රියාවක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පමණක් නොව අධිකරණයෙන් මරණ දඬුවම හිමිව ඇති සියලු දෙනාටම එය ක්‍රියාවට නැංවිය යුතු බවත් අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මීට පෙර ගත් තීරණ කිහිපයක් ක්‍රියාත්මක නොවූ බවත් මෙයට ද එම ඉරණම අත්විය හැකි බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. මීට පෙර පොලිතීන් සම්පූරණයෙන් තහනම් කළ අතර ඇස්බැස්ටෝස් ආනයනය ද තහනම් කළේය. අමාත්‍යවරයා පවසන්නේ එම තහනම ක්‍රියාත්මක නොවූ බවයි. 

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කරගත් බවත් පොලිතීන් තවදුරටත් භාවිතා වන බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයට ද එම ඉරණම අත්වීමට ඉඩ ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment