IOC තෙල් මිල සිපෙට්කෝටත් වඩා ඉහළට


පසුගියදා රජය මගින් සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් අනුව සිපෙට්කෝ තෙල් මිල ඉහළ දැමුණ
ප්‍රමාණයටත් වඩා අයි.ඕ.සී.

සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල 146කි. (සිපෙට්කෝ මිල රුපියල් 145)
යුරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 158කි. (සිපෙට්කෝ මිල රුපියල් 155)
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118කි. (සිපෙට්කෝ මිල වෙනසක් නැත රුපියල් 118 )
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129කි. (සිපෙට්කෝ මිල වෙනසක් නැත රුපියල් 129)

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment