මන්නා පිහි පෙන්වා දේපළ කොල්ලකෑ කල්ලියක වයස 17ක කෙල්ලෙක්

අතුරුගිරිය, පනාගොඩ හා අවට ප්‍රදේශවල නවාතැන් ස්ථාන හා නිවාසවල පදිංචිකරුවන් වෙත මන්නා පිහි එල්ල කර බිය ගන්වා දේපළ කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු හා කාන්තාවක් ඊයේ (31) අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පනාගොඩ කර්මාන්තපුර සේවය කරන පාකිස්තානු ජාතිකයන්
පදිංචි නේවාසිකාගාරයකට ඇතුළු වී

මන්නා පිහි පෙන්නා ඔවුන් බිය ගන්වා දේපළ සොරාගෙන යෑමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙය වූ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් නවගමුව වඳුරඹමුල්ල ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්ට වයස අවුරුදු 23ක් හා 24ක් වන අතර සැකකාරිය අවු. 17ක් වන තැනැත්තියකි. සැකකරුවන් කොල්ලකන ලද දේපළ අදාළ කාන්තාව උකස් තැබීම හා විකිණීම සඳහා යොදවා ගෙන ඇති බවත් ඇය ඔවුන්ගේ අනියම් බිරියක් ලෙස ඔවුන් හා එක්ව වඳුරඹමුල්ලට ප්‍රදේශයේ බෝඩිමක පදිංචිව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. හෙරොයින් පානයට තදින්ම ඇබැහි වී ඇති සැකකරුවන් මෙයට පෙර විවිධ අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප  මත නිදහස්ව සිටින පුද්ගලයන් දෙදෙනකු බවට පරීක්ණවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන්ට එරෙහිව හෝමාගම අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු 6ක් පවතින බවත් පොලිසිය පවසයි. සැකකරුවන් ඊයේ (31දා) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-ඉනෝකා උදයන්ති-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget