රුහුණු විශ්වවිද්‍යාලයට විජයදාස නව තාක්ෂණ පීඨ සහ නේවාසිකාගාර සංකීර්ණයක්.



මාලිම්බඩ ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයීය නව තාක්ෂණ පීඨ සංකීර්ණය සහ නේවාසිකාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අද (16දා) උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

මේ වනවිට තාක්ෂණපීඨ සියළු සිසුන්ට නිවාඩු දී ඇති අතර සිසුන්ගෙන් වියුක්ත වූ විශ්ව විද්‍යාලයක් තුළ මෙවැනි විවෘත කිරීමක් යනු විහිළුවක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය පවසයි.

''විශ්වවිද්‍යාල යනු විවිධ කැනහිලුන්ගේ දේශපාලන සංදරශන භූමි නොව සිසුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා දැනුම ගවේශනය කිරීම සඳහා වන විශ්වීය ආයතනයි. ඒවා සිසුන්ගේ අරමුණු අවශ්‍යතා මත පදනම් විය යුතු අතර සිසුන්ගේ යෝජනා අදහස් හා සහභාගි වීම් අනිවාර්ය වේ.  නමුත් රුහුණ විශ්වවිද්‍යාලීය උපකුලපතිවරයාට හෝ තාක්ෂණ පීඨ පීඨාධිපතිට සිසුන් අදාල නොවේ.

මන්ද, සිසුන් අදාල කරගතහොත් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය සිත්සේ දිගහැර ගැනීමට ඔවුන්ට නොහැක. පාලකයන්ගේ න්‍යායපත්‍රය විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ දේශපාලන රඟමඩලක් බවට විශ්වවිද්‍යාලය පත්කල පසු පරිපාලකයන්ට තනතුරු, නම්ඹුනාම හම්බවේ, උසස්වීම් ලැබේ. එමනිසා ඉඳුල් පිඟාන ලැබෙන තුරු නගුට වනන සුනඛයින්මෙන් රුහුණ සරසවි පාලනයද වරදාන වරප්‍රසාද දිනා ගැනීමට හොඳහැටි කඩේයමින් තිබේ.

එම නිසා මෙරට ජනතාව මිලදීගන්නා පරිප්පු ඇටයක්, සීනී ඇටයක්, පෙට්‍රල් ලීටරයෙන් බදුගසා ඉදිකරන මෙම ආයතන මෙරට ජනතාවගේන් ඉවත් කරල ශිෂ්‍ය ප්‍රජාවගෙන් ඉවත් කර විවෘතකිරීම විහිළුවකි. ඒවායේ අයිතිය ඒවා කාබාසිනිය කරනා දූෂිත දේශපාළුවන්ට නොව ශිෂ්‍යන්ටය. ඒවා මෙරටේ ජනතාවගේ සම්පත් තම දේශපාලන සංදර්ශණ උදෙසාත් නිලධාරින්ගේ බඩගෝස්තරවාදයටත් භාවිතාකිරීම අප ඉතා පිළිකුලෙන් යුතුව හෙලාදැකිය යුතුයි.''

යනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය වැඩිදුරටත්ප වසයි.

මෙයට විරෝධයපාමින් ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සියල්ල සැලසුම් කර සූදානම් වෙද්දී ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීම නිසා එය පැවැත්වීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ.

මෙම නව තාක්ෂණ පීඨ සංකීර්ණය සඳහා රජය වියදම් කළ මුදල රුපියල් මිලියන 692කි.

ශිෂ්‍ය නේවාසිකාගාරය සිසුන් 400කට අංග සම්පූර්ණ නේවාසිකාගාර පහසුකම් සපයන අතර ශිෂ්‍ය විවේකාගාරය, අධ්‍යයන, ගෘහ භාණ්ඩ සහ ආහාර ගැනීමේ පහසුකම් සහිතව ඉදි කොට තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 213ක මුදලක් වැය කොට ඇත.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment