ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනයට ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක්.


එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, එම එක් එක් රටවලට විශේෂිත වූ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු කරනු ලැබ ඇත.

ඒ අනුව එක්සත් රාජධානිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඩිජිටල් ස්ප්‍රිං ලිමිටඩ් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 703,480 ක මුදලකටද, ජර්මනිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම මීඩියා කන්සල්ටන්ට් ඉන්ටනැෂනල් හෝල්ඩිංස් ඒජී ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 697,770.92 ක මුදලකටද, ප්‍රංශය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉන්ටෆේස් ටුවරිසම් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 706,460 ක මුදලකටද, ප්‍රදානය කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment