වසර 10 සපුරමින් ගූගල් ක්‍රෝම් වෙනස් වෙයි


ලොව ජනප්‍රියම වෙබ් බ්‍රවුසරයක් වෙන ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයට වසර 10 සැපිරීම නිමිත්තෙන් අලුත් වෙනස් කම් රැසක් එකතු වෙලා තිබෙනවා මේ වෙනස් කම් පරිගණක සහ ජංගම දුරකථන යන දෙවර්ගය
සදහාම බලපානු ලබනවා

මේ යටතේ ප්‍රදාන වශයෙන්  icons ආදිය වඩාත් සිත්ගන්නා ලෙස රවුම් ආකාරයට නිර්මාණය කර තිබෙනවා මීට අමතරව ප්‍රදාන වෙනස් කම් ලෙස‍ෙ
Chrome බ්‍රවුසරයේ තිබුන autofill සහ password manager හි තිබුන නිවැරදි බවය වැඩි කොට වෙබ් අඩවි ගණනාවක් සදහා සහය දක්වන ලෙස හදුන්වා දී තිබෙයි
Chrome බ්‍රවුසරයට දැන් ස්වයංක්‍රීයව නිර්මාණය වන ශක්තිමත් password නිර්මාණය කිරීමේ හැකියාව තිබේ
Omnibox ලෙස හදුන්වන ගූගල් ක්‍රෝම් search bar එකට වැඩි පහසුකම් හදුන්වා දී ඇත අලුත් tab එකක් විවෘත කිරීමකින් තොරව ඔබට වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වන ලෙස වෙනස් කොට ඇත
ඒ වගේම ඔබට ලගදීම Google Drive හරහා search bar පහසුකම ලබාගැනීමට හැකියාව ලැබෙනවා
ඔබ කැමතිම වෙබ් අඩවි සදහා shortcuts නිර්මාණය කර ගැනීමට මෙන්ම ඔබ කැමති රූපයක්  background image ලෙස එක් කරගැනීමට හැකියාව ලැබෙනවා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment