රැය පහන් කරන අදහස ඉවතට - වටරවුම පිරිසිඳු කර විරෝධතාව 10.15 ට අවසන්


නබලය කොළඹට විරෝධතාව පූර්වයෙන් සූදානම් නොකළ ආකාරයට අද රාත්‍රී 10.15 ට පමණ අවසන් වූ බව වාර්තාවේ. මෙම විරෝධතාව සඳහා සහභාගී වූ පිරිස විරෝධතා රැළියට අද (05) සවස සහභාගීවූ පසුව පාරේ වාඩිවී ගිමන් නිවා රාත්‍රී ආහාර ලබාගත් අතර වාර්තාවූ ආකාරයට ඉන්පසු පැමිණි විශාල පිරිසක් නැවත සියගම්බිම් බලා ගොස් තිබේ. අනතුරුව ලේක්හවුස් වටරවුම අසළ 5000 කට ආසන්න පිරිසක් ඉතිරිවී සිටි අතර
ඔවුන් යොදවා මින් පෙර නාමල් රාජපක්ෂ සැලසුම් කළ ආකාරයට අරලියගහ මන්දිරය හා  ජනපති නිල නිවස අසළ විරෝධතාවන් සත්‍යග්‍රහයන් පැවැත්වීමේ අදහස වෙනස් කරගෙන ඇත්තේ ප්‍රමාණවත් පිරිසක් නොමැති නිසාය,
අනතුරුව සූදානම් කළ පන්දම් රැගෙන ඇවිත්

ලේක් හවුස් වට රවුම අභියස වාඩිවී ඒවා දල්වා සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදි.
මුල් අවස්ථාවේ හිටපු ජනපතිවරයා එහි නොසිටියත් පසුව ඔහුද එයට එක්වි ඇති අතර ඔහු තමාද අද රැය පහන්වනතුරු පිරිස සමග සිටිමින් සත්‍යග්‍රහයට එක්වන බව දන්වා තිබුණි.
හිටපු ජනපතිගේ කතාවෙන් පසුව පූර්වයෙන් සූදානම් කර තිබුණ අංගම්පොර සහ සංස්කෘතිකාංග දර්ශන ජවනිකා කිහිපයක් පිරිස ඉදිරියේ රඟදක්වා ඇත.
නමුත් විරෝධතා කරුවන් හෙට එළිවනතුරු සත්‍යග්‍රහ කරන අදහස ඉන්පසු වෙනස් කරගෙන තිබෙන අතර රාත්‍රී 10.15 ට පමණ වාර්තා වන්නේ ඔවුන් රැය පහන් කරන අදහස අතැර දමා ඇති බවත් අද සවස ඔවුන් ගත කළ භූමියේ තිබෙන අපවිත්‍ර වූ දෑ පිරිසිඳු කර විරෝධතාව නිමා කරන්නට සූදානම්වී සිටි බවත්ය.
මින් ඉහත සංවිධායකයින් දන්වා සිටියේ රැය පහන්වනතුරු මෙතැනින් පිටව නොයන බවක් වන අතර ඇතැමුන් කිව්වේ  රජය පෙරළන තුරු මෙම ස්ථානයෙන් පිටව නොයන බවත්ය.


















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment