ආණ්ඩුව අල්ලන්න හැදුවේ ෂැංග්‍රිලා කාමර 15 ක් වෙන් කරගෙන - ඒත් හරිගියේ නෑ


ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම අසාර්ථකවූ බවට අදහස් පළ කර තිබේ.

කොළඹ ගාලූමුවෙදාර ෂැන්ග්‍රිලා තරු හතේ හෝටලයේ කාමර 15 ක් වෙන් කරවා ගෙන නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරිමට ඒකාබද්ධ විපක්ෂය සිහින

මැවූ බවත් උද්ඝෝෂණය අසාර්ථවිමත් සමඟ සිහිනය බිදිගිය බවත් ඔහු කීය.
රාජපක්ෂ රජය චිනයට විකුණු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගාලූමුවෙදාර පිටිය ඉදිරිපිට ඉඩමේ ඉදිකර ඇති ෂැන්ග්‍රිලා හෝටලයට අමතරව හිල්ටන් හා ටාජ් සමුද්‍රා යන හෝටල්වල කාමර 3 බැගින් වෙන් කරවාගෙන නව ආණ්ඩුව පිහිටුවිමට සැලසුම්කර තිබු බවද බැසිල් රාජපක්ෂ නොමැතිව පොහොට්ටුවටත් ඒකාබද්ධ විපක්ෂයටත් ගමනක් නැති බව ඔප්පු කළ බවද ඔහු කීය.
වසර 9 ක් මුළුල්ලේ හොරකම් කළ සල්ලි වියදම් කර නායකයින් තරු හතේ හෝටල් කාමර වෙන් කරවාගෙන අනුගැමිකයින්ට පාරේ බුදියන්නට සැලැස්වූ නමුත් සියල්ල අසාර්ථකවී ගියැයි ඔහු දැන්වීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment