බස්නාහිර පළාත් සභාවට කෝටි 1.5ක දොරක්!



රුපියල් ලක්ෂ හයහමාරක් බැගින් වටිනා පුටු  125ක් මිලදී ගැනීම හේතුවෙන් දැඩි ලෙස කතාබහට ලක්වූ බස්නාහිර පළාත් සභාවේ නව සභා ගැබෙහි ප‍්‍රධාන දොර සඳහාද රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැයකිරීම සම්බන්ධව ආන්දෝලනයක් මතුව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ  බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා මෙම දොර සම්බන්ධයෙන් මේ වනවිටත් මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතාගෙන් ප‍්‍රශ්න කර ඇත. එම දොර සම්බන්ධයෙන් මහ ඇමතිවරයාගෙන් නිසි ප‍්‍රතිචාරයක් නොලැබුණු බැවින් ලිඛිත පැනයක් ලෙසද එය එළඹෙන සභාවාරයේ න්‍යාය පුස්තකයටද ඇතුළු කර ඇත.

මෙලෙස අධික වියදමක් යොදා නිමවා ඇතැයි කියන පළාත් සභා ගර්භයේ දොරටුව පාලිම්නේතුවේ ප‍්‍රධාන දොරටුවට සමාන ලෙස ඉදිකළ රන් පැහැයෙන් යුත් දැවැන්ත දොරටුවක් වන බවත් එය කෝට්ටේ යුගයේ කැටයම් යොදා අලංකාර කර ඇති බවත් දැනගන්නට ඇත.

මහ ඇමැතිවරයා මෙම දොර සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම මගහරින බව මේ සම්බන්ධයෙන් පළාත් සභාව තුළ ප‍්‍රශ්න කළ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ප‍්‍රකාශ කරයි.

“සභා ගර්භයේ ඇති මෙම දොරටුවට රුපියල් කෝටි එකහමාරකට වඩා මුදලක් වැයවී ඇති බවට විශ්වාසදායී ආරංචිමාර්ගයක් හරහා දැනගන්නට ලැබුණා. එම නිසා ඒ පිළිබඳව නිල වශයෙන් තොරතුරු දැනගැනීමට මම ඒ ගැන පසුගිය සභාවාරයේදී මහා ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්න කළා. නමුත් ඔහු ඊට නිසි පිළිතුරක් දුන්නේ නැහැ” යැයිද ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment