ජනබලය කොළඹට -3.30 Update

3.30  Update
කාබද්ධ විපක්ෂය සංවිධානය කරන ලද ජනබලය විරෝධතාව සඳහා මේ වනවිටත් කොළඹට පිරිස් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.දහවල් 2 වනවිට රැළිය අරඹන්නටත් 3 ට පමණ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා එක්වන්නටත් නියමිතව තිබුණත්
දැන් 3.30 වීත් තවමත් කොළඹට පිටපළාත්වල පිරිස් එක්වීඹ ප්‍රමාදවී තිබේ.
විරෝධතාවට සහභාගී වන පිරිස

මේ වනවිට මහනුවර, මීගමු පාර, බොරැල්ල, මරදාන, ටවුන්හෝල් ඔස්සේ මාර්ග පහක් හරහා කොළඹ නගරයට සමීප වෙමින් සිටින බව සංවිධායකවරුන් දන්වා ඇත.
දැනටමත් බස් රථවලින් පැමිණි ඇතැම් පිරිස බස් රථ නවතා ඉන් බැස ගිමන් හරිමින් සිටි බවත් සවස 4.00 පමණ වනවිට විරෝධතා පෙළපාළි ආරම්භ කළ හැකි බව සංවිධායකයෝ දන්වා ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ දී විරෝධතා පෙළපාලියට එක්වීමට නියමිත වුවද තවම එක්ව නැත.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment