උද්ඝෝෂණයට පෙර සිටම නාමල් හිල්ටන් එකේ මහින්ද අද රෑ ටජ් එකේ හිටපු ඇමතිවරු ෂ්‍රැංග්‍රිලා එකේ


ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී
නාමල් රාජපක්ෂ ඊයේ සිටම කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත්
අද  විරෝධතාවයට සහභාගී වන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් අද රාත්‍රියේ

ටාජ් සමුද්‍රා , හිල්ටන්, ෂැංග්‍රිලා හෝටල් නවාතැන් ගැනීම සඳහා කාමර වෙන්කරවාගෙන ඇතැයිද වාර්තා වේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ටාජ් සමුද්‍රා හෝටලයේ සුඛෝපභෝගී suite මාදිලියේ කාමරයක් (suite - 757) වෙන්කරගෙන ඇතැයි හෝටල් ආරංචි මාර්ගව දන්වා තිබේ.
මෙම නවාතැන් සැපයීම් සඳහා හෝටල් කාමර ලබාදීමේදී චීන පරිපාලනය සහිත ෂ්‍රැංග්‍රිලා හෝටලය විශාල කාර්යභාරයක් කර ඇති බවද ඒකාබද්ධයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ මිතුරු ව්‍යාපාරිකයන් රැසක්ම අද රෑ එහි සිටිනු ඇති බවද වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment