පොරොන්දු මඟහැරියොත් ලංගමත් ස්ට්‍රයික්ලු


 වැටුප් වැඩි කිරීම ඇතුළු ලංගම සේවකයන්ට රජය දුන් පොරොන්දු මඟහැරියහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පැවැසුවේ පසුගිය අගෝස්තු 31 වැනිදා ලංගම සියලුම වෘත්තීය සමිති නිලධාරීන් හා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවට පසුව ලංගම සේවකයන්ගේ වැටුප් තළ ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් පහක් ඉටු කරන බවට පොරොන්දු දුන් බවයි.


ඒ අනුව වැටුපට එල්ලා ඇති රුපියල් දසදහසක මුදලින් සේවක ආර්ථසාධක අරමුදලට මුදල් අය කරන ලෙසත්, අනියම් හා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන අයට ස්ථීර පත්වීම් දෙන ලෙසත් සේවක සුබසාධක ක්‍රියාවලිය විධිමත්ව සියලුම ඩිපෝවල පවත්වාගෙන යෑමටත්, උසස්වීම් පටිපාටියක් විධිමත්ව ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සලසන ලෙස ලංගමයේ වෘත්තීය සමිති දිගින් දිගටම කළ ඉල්ලීම් බව ලියනගේ මහතා පෙන්වා දුන්නේය.

අදාළ පොරොන්දු ඉටු කිරීමට යම් කාලයක් අවශ්‍ය බව සඳහන් කළ අතර එම කාලසීමාව ඉවත් වන තෙක් හිතාමතා පොරොන්දු මඟහරින්නේ නම් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment