දෙහිවල නිවසේ ගින්නෙන් වෛද්‍ය ගැබිණි බිරිය මරුට වෛද්‍ය සැමියා හා පස් හැවිරිදි දරුවාට පිළිස්සුම් තුවාල

දෙහිවල බෙල්ලන්විල විහාර මාවතේ පිහිටි නිවසක අද (06) දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් තිස්හත් හැවිරිදි  ගර්භනී තත්ත්වයේ වෛද්‍යවරියක මියගොස් අක්ෂි ශල්‍ය විශේඥ වෛද්‍යවරයකුවන ඇයගේ සැමියා
සහ 5 හැවිරිදි දරුවාද ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා විය.

තිදෙනාම කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  වෛද්‍යවරිය මිය ගොස් ඇත.
වෛද්‍ය යුවළ සහ දරුවා නිවසේ උඩු මහලේ සිටියදී මෙම ගින්න හට ගෙන ඇති බවත් එම අවස්ථාවේ නිවසේ පහත මාලයේ සිටි

ඔවුන්ගේ මව නිවසින් එළියට පැන දිවි බේරාගෙන ඇති බවත් වාර්තා විය.පසුව ගින්න සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ පසුව නිවස පරීක්ෂා කිරීමට පැමිණි ඔවුන් නාන කාමරයේ සිහිසුන්ව වැටී සිටි දරුවා සහ වෛද්‍ය යුවළ කළුබෝවිල රෝහලට ඇතුළුකර ඇති අතර බරපතල පිළිස්සුම් ලද වෛද්‍යවරිය මියගොස් තිබේ.

මිය ගිය වෛද්‍යවරිය විදර්ශි ඩයස් නමැති හොරණ මූලික රෝහලේ වෛද්‍යවරියක වන අතර ඇය දරුවෙකු ලැබෙන්නට සිටි කෙනෙකි. තුවාල ලබා රෝහල්ගත කර සිටින ඇයගේ සැමියා අනුරංග ඩයස් ජයවර්ධනපුර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙකි. සැමියා හා පස් හැවිරිදි දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

ගින්න නිවා දැමීම සඳහා දෙහිවල ගිනි නිවීම් ඒකකයේ සේවා රථ 4ක් යොදා ගෙන ඇති බව පොලීසිය පවසයි.
බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment