තඹුත්තේගමදී සැමියාට පහර දීලා බිරිය සමුහ දුෂණයට ලක් කරලා


තඹුත්තේගම පොලිස් වසමේදී සැමියාට පහරදී විවාහක කාන්තාවක බලහත්කාරයෙන් රැගෙන ගොස් සමූහ දූෂණයට ලක්කිරීම ඇතුළු චෝදනා තුනකට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි
විත්තිකරුවන්ට තිදෙනකු එකී සියලු චෝදනාවන්ට වරදකරුවන් බව නිගමනය කරමින් ඔවුන්ට වසර තිහකට බරපතළ වැඩ සහිත සිරදඬුවමක් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කළේය. සැමියාට පහරදී නීත්‍යනුකුල භාරකාරත්වයෙන් බිරිය පැහැරගෙන ගොස් අපහරණය කර සමූහ ස්ත්‍රී දූෂණයට ලක්කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනාට වෙන් වෙන් වශයෙන් වසර දහය බැගින් තිස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

සිර දඬුවමට අමතරව වින්දිත කාන්තාවට රුපියල් 50,000 බැගින් වෙන් වෙන්ව වන්දි මුදල් ගෙවන

ලෙසද නියෝග කළ විනිසුරුවරයා  විත්තිකරුවන් තිදෙනාට රුපීයල් 4000 බැගින් රුපියල් දොළොස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් නියෝග කළේය. නියම කළ සිරදඬුවම එකවර ගෙවී යන ලෙසත් නියම කළ වන්දි හා දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 15ක ලිහිල් වැඩ සහිත අනිවාර්ය සිරදඬුවමක් විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළේය. මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු නඩු විභාග සිදුවන අතරතුරදී මරණයට පත්වී ඇති බව අධිකරණයේ කියැවිණි.  දඬුවම නියම වූයේ උස්සාගල සියඹලන්ගමුව ගල්ගමුව ලිපිනයේ පදිංචි හේරත්  මුදියන්සේලාගේ තිලකසිරි එම ලිපිනයේම පදිංචි ඉසුරුමාන ආරච්චිලාගේ ප්‍රදීප් සුසන්ත ධර්මසිරි යන අයටයි.

විත්තිකරුවන් විසින් 2010 ජුනි 17 වැනි දින හෝ ඊට ආසන්නෙ දිනයකදී තඹුත්තේත්ගම අධිකරණ බල ප්‍රදේශයේදී විවාහක කාන්තාවක් වූ පැමිණිලිකාරිය සිය සැමියා සමඟින් අවශ්‍යතාවක් සඳහා නිවෙසින් බැහැරව යද්දී විත්තිකරුවන් තිදෙනා පැමිණ සැමියාට පහරදී ඇය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර තිබිණි.

-මහේෂ් විජේසුරිය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment