"අලි බාබා" නිර්මාතෘ ජැක් මා සේවයෙන් ඉවත්වේ


අන්තර් ජාලය හරහා භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියා ලෙස සැලකෙන අලි බාබා' වපාරයේ නිර්මාතෘ
මෙන්ම චිනයේ

ධනවත්ම පුද්ගලයා ලෙස ද සැලකෙන ජැක් මා අද (11) සිය 54 වැනි උපන්දිනය සමරන අතර, අලි බාබා ව්‍යාපාරයෙන් තමන් විශ්‍රාම ගන්නා බව ද පවසා ඇත.
තමන් තවදුරටත් අලි බබා ව්‍යපාරයේ අධ්‍යක්ශ මණ්ඩලයේ රැඳී සිටින්නේ නැති බවත්. සමාඡ සේවා වැඩසටහන්වල නියැලෙන බවත් ජැක් මා පවසා ඇත. අන්තර් ඡාලය හරහා ද ව්‍යාපාරිකයකු ලෙස ඉදිරියට පැමිණිමීට පෙර පැක් මා ඉංග්‍රීසි ගුරුවරයෙකු විය.
යළි ගුරුවරයකු විමට තමාගේ කැමැත්තක් ඇතැයි ජැක් මා පවසා ඇත. ඔහු මෙසේ පවසා ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment