ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයට

හින්ද රාජපක්ෂ පාලන සමයේ අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරමින් 2015 ජනාධිපතිවරණ සමයේදී සතොස මුදල් අවභාවිතා කිරීමට චූදිතයෙකු වී සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු
මන්ත්‍රීවරයා ඇතුළු එහි සෙසු චූදිතයන් එම නඩුව අසා නිමවනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (03) නියෝග කර තිබේ.

මෙම නඩුව අඛණ්ඩව

විභාගයට ගන්නා ලෙසද එතෙක් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර බාරයේ තබන ලෙසද විනිසුරුවරිය නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනාය.

නඩුව විභාගයට ගත් අද දින එවකට සතොස ගණකාධිකාරී ලෙස කටයුතු කළ බොතේජු නැමැති අයකු විසින් සාක්කි ලබාදී ඇත.

නිකවැරටිය, අනුරාධපුර, වැහැර, යන්තම්පලාව සතොස අලෙවිසැල්වලින් රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා පාරිභෝගික භාණ්ඩ මුදල් නොගෙවා ලබාගෙන එම භාණ්ඩ පැවති (2015 ජනවාරි 08) ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත ලෙස යොදා ගැනීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment