සිංහ රෝහලට අසාධ්‍යයි!
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන සිංහ හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රාග්ධනය විශාල වශයෙන් ක්ෂය වීමට ලක් වී ඇති බව වාර්තා වේ. මේ බව සමාගම විසින් තමන්ට දැනුම් දුන් බව එහි ලේඛකාධිකාරී සමාගම වන නෙක්සියා කෝපරේට් කන්සල්ටන්ට්ස් (පුද්) සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙනු ලැබීය.
මේ හේතුවෙන් 2018 සැප්තැම්බර් 13 දින අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට සිංහ හොස්පිටල්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම පෞද්ගලික රෝහල මෙය වන අතර 2015 අප්‍රේල් මාසයේ දී සිංහ රෝහල් සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කරන ලදී.

0 comments :
Post a Comment