පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබුණත් : හිරුණිකාගේ නිවසට හොරු පැනලා.



පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ  හෝකන්දර අරංගල නිවසට බිඳ එහි අල්මාරියක  තිබු රුපියල් ලක්ෂ 5 ට අධික  වටිනා තිබු  රන් බඩු හා, වටිනා ඔරලෝසුවක් ඇතුලු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 මෙම නිවසට පැය 24 ක්  පුරාවට  පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබියදී  ඉකුත් (23) දින රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රිනි  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා පෙරේදා (24) අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය වු දින  රාත්‍රියේ නිවසේ ඉදිරි තාප්පය දිගේ පැමිණි සොරෙක් නිවසේ උඩුමහලට පිටුපස පැත්තෙන් ජනේලයතින් ඇතුලු වී ඇති බවත් ඔහු උඩමහලේ කාමරය කට ඇතුලු වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. සැකකරු එහි  කාමරයක තිබු අල්මාරියේ දොර නියනකින්  විවෘත කර  එහි තිබු ස්වර්ණාභරන සහිත පෙට්ටි හා  අත්ඔරලෝසුව සොරාගෙන ගොස් ඇත.

නිවසින් සොරාගත් ස්වර්ණාභරණ පෙට්ටිවල  තිබු රන්බඩු රැගෙන එම හිස් පෙට්ටි හා භාවිතා කළ නියන යාබද    හිස් ඉඩමක දමා ගොස් තිබුයදී පොලිසියට සොයගෙන ඇත. මෙම සිද්ධිය වන අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා  නිවසේ සිට ඇති අතර  24 වැනි දින පෙරවරුවේ  අවදි වී බැලීමේ දී මෙම සොරකම දැක සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධියේ සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැත. අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment