වව්නියාවේ විවාහක තරුණ යුවලක් නිවස තුළදීම අභිරහස් ලෙස මිය ගිහින්


 වවුනියාවේ පදිංචි විවාහක යුවළකගේ මළ සිරුරු 8 දා දහවල් කනගරායන්කුලම පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පොලිසිය සැකකරනු ලබන්නේ

මේ දෙදෙනා සියදිවි හානිකර ගන්නට ඇති බවයි.

මේ දෙදෙනා කාලයක්ම වවුනියාවේ පදිංචිව සිටි අතර ඔවුන් තාවකාලිකව පදිංචිය සඳහා කනගරායන්කුලමේ ඉන්දියානු නිවාස ව්‍යාපෘතියක නිවසකට ගොස් තිබේ. එම නිවසේ තිබී මළ සිරුරු හමුවී ඇත.

මියගොස් ඇති දෙදෙනා විසිහතර හැවිරිදි නන්දකුමාර් හා දහනව හැවිරිදි ගෞතමී වශයෙන් ඥාතීන් විසින් මොවුන් හඳුනාගෙන ඇත. ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාට සියදිවි හානිකර ගැනීමට තරම් ප‍්‍රශ්නයක් නොතිබූ බවයි. පොලිසිය එම මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහල වෙත රැගෙනවිත් තිබේ.

දිනසේන රතුගමගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment