ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා CID යට 'වැලිගසා' රටපනි?
පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනා ගෙන ඇති නේවි සම්පත් නොහොත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබිය දී, ඔහුට රැකවරණය දීම හා රටින් පලා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදාපති, වත්මන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතාට අද (10) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දීමක් කර තිබිය දී ඔහු අද (10) අලුයම විදේශගත ඇතැයි වාර්තා වේ.
ඔහු අද අලුයම 3.33ට කාටර් එයාර්වේස් ගුවන් යානයකින් දෝහා බලා පිටත්ව ගොස් තිබෙන බව එම ආරංචිමාර්ග පවසයි.
පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නඬුව පසුගිය අගෝස්තු 29දා කැඳවු අවස්ථාවේදී, සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දීම හා මුහුදු මාර්ග ඔස්‌සේ රටින් පලා යැමට ඔහුට ආධාර උපකාර කළ බවට චෝදනා ලැබ සිටින අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණවර්ධන මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝගයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව සැකකාර විඡේගුණවර්ධන මහතා අද දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසුව ඔහු ගෙන් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
අද්මිරාල් විඡේගුණවර්ධන මහතා රැකවරණය ලබාදී රටින් පැන යැමට ආධාර අනුබල දුන් නේවි සම්පත් නමැත්තා මීට දින කිහිපයකට උඩදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබිය.
(SLM)

0 comments :
Post a Comment