මහ රෑ නිවසට පිරිසක් සමග කඩා වැදුණු කුඩු පෙම්වතා 17 හැවිරිදි පෙම්වතිය පැහැරගෙන


අම්බලන්තොට,කොටබෝගහ අසළ නිවසකට කඩාවැදුනු ආයුධ සන්නද්ද පිරිසක් නිවැසියන් බියගන්වා නිවසේ සිටි 17 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ඇතිබව අමිබලන්තොට පොලිසිය පවසයි.

මෙම  දැරිය පැහැර ගැනීම සඳහා යතුරුපැදි තුනකින් පුද්ගලයන් හය දෙනකු පැමිණ ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.

 ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළුවූ සන්නද්ධ පිරිස දැරිය සිටි කාමරයේ දොරට වෙඩි තබා එය විවෘත කර ඇගේ පියා සහ සොහොයුරා සාලයේ

දණගස්‌සවා මෙම පැහැර ගැනීම සිදු කළ බව එම නිවැසියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

 පැහැර ගැනීමට පැමිණි පිරිස අතරින් එක්‌ අයකු අත ගිනිඅවියක්‌ තිබෙනු දුටු බව නිවැසියන්ගේ පැමිණිල්ලේ සඳහන් වේ.

 මේ පිළිබඳව පොලිසිය සිදුකළ විමර්ශනයේදී පැහැර ගැනීමට ලක්‌වූ 17 හැවිරිදි නිපුණි වත්සානි නම් මෙම දැරිය පෙම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ සිටි තරුණයා ඇතුළු කිහිපදෙනකු මේ පැහැර ගැනීමට පැමිණ ඇති බවත් පෙම්වතා මත්ද්‍රව්‍යකට ඇබ්බැහිවීම නිසා ඔහුට නිවසට නොපැමිණෙන ලෙස දෙමාපියන් අවවාද කර ඇති බවත් හෙළිවී තිබේ.

 පැහැර ගැනීමට පැමිණි පිරිස පොලිසියෙන් හඳුනාගෙන තිබෙන අතර තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල්, තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි අබේරාජ ගම්ලත් යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අම්බලන්තොට පොලිස්‌ ස්‌ථානාධිපති ජගත් විඡේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment