කැබ් රථයක්, මෝටර් රථ දෙකක් හා යතුරු පැදියක් ඊයේ (22 දා) උදේ 7 ට පමණ කළුතර නාගොඩ විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනකු කළුතර නාගොඩ මහ රෝහලට
ඇතුළත් කර ඇත.අනතුරට ලක් වූ
පැන්ඩා වර්ගයේ රතු පැහැති මෝටර් රථයේ ගමන් කළ පියකු හා දුවක් ද යතුරුපැදිකරු රෝහල් ගත කර තිබේ. කළුතර - මතුගම මාර්ගයේ මතුගම දෙසට කැබ් රිය ධාවනය වෙමින් තිබියදී කළුතර දෙසට ධාවනය වූ රතු පැහැති පැන්ඩා වර්ගයේ රථය මුහුණට මුහුණ ගැටී ඇති අතර එම අවස්ථාවේදී ඒ ආසන්නයෙන් කළුතර දෙසට ධාවනය වෙමින් තිබූ තවත් මෝටර් රථයක ද ගැටීමෙන් අනතුර සිදු වී ඇත.
අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රියට පිටුපසින් ධාවනය වූ යතුරුපැදියක් ද කැබ් රියේ පිටුපස ගැටී තිබේ. තම දියණිය පාසලට ඇරලවීම සඳහා පියා රතු පැහැති මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇතැයි පොලීසිය කියයි. කළුතර දකුණු පොලීසියේ රථවාහන අංශයේ සැරයන් (27076) සහ කොස්තාපල් උපාලි යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවිති.
-තාරක දුෂ්‍යාන් කළුතර-
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment