එජාපයේ ජනපති අපේක්ෂක රේස් එකට රටවල් 5ක අත් : චම්පික කාර්යාලයකුත් හදලා.


එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හා එම ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් පත්කරනු ලබන අය ගැන තීරණයක් ගැනීම සඳහා ප්‍රබල බටහිර රටවල් 5 තානාපතිවරුන් රැස්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

එම තානාපතිවරුන් මීට පෙර අවස්ථා තුනකදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලන නායකයන් රැසක් හමුවී සාකච්ඡා කර තිබේ. එම හමුවීම්වලදී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, රාජිත සේනාරත්න යන ඇමැතිවරුන්ගේ නම් යෝජනා වී ඇත.

කෙසේ වෙතත් ඊට පසුව කරු ජයසූරිය මහතාගේ නමද ඒ සඳහා යෝජනා වී තිබේ.

මෙම තත්ත්වය මත පාඨලී චම්පික රණවක මහතා සිය දේශපාලන කටයුතු පුළුල් කරමින් මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ ආරම්භ කර තිබේ.

එම කාර්යාලයේ දී පසුගිය සතියේ දී රැස්වූ එම පක්ෂයේ ප්‍රධානීන් ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විශ්වවිද්‍යාල අාචාර්යවරුන් සම්බන්ධීකරණයට ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප්ද, භික්ෂූන් වහන්සේලා සම්බන්ධීකරණයට ඕමල්පේ සෝභිත හිමිද තෝරාගෙන තිබේ.

ඒ අනුව මේ වන විටත් ජනාධිපතිවරණ දිස්ත්‍රික් මැතිවරණ කමිටු සඳහා නායකයන් පත් කර ඇත. ගම්පහ, කොළඹ, කළුතර, අනුරාධපුර, කෑගල්ල, ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් නායකයන් පත්කර තිබේ.

(අරුණ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment