ජනපතිගේ රහස් තොරතුරු 'ඊ නිව්ස්' එකට දුන් ඇමති ගෝලයා මාට්ටු.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අගෝස්තු මස 22 වන දින එක්සත් ජාතීන්ගේ 73 වන මහා සමුළුව ඇමතීම සඳහා දූත මණ්ඩලය සමග විදේශ ගත වූ අවස්ථාවේ ඔහු නවාතැන්ගෙන සිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ක් ඇවනිවු හි ලෝස් රීජන්සි නැමැති හෝටලයේ ඔහුට සහ දූත මණ්ඩලය නවාතැන්ගෙන සිටි කාමර අංක, දුරකතන අංක, නම් සහ තොරතුරු ආදී සංවේදී තොරතුරු 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ ප්‍රචාරය කිරීම සම්බන්ධව හා ඊට සමගාමීව දෝහා නගරයේ ගුවන්තොටුපළේ ඇති ප්‍රභූ පර්යන්තයේ දී ලබා ගත් ඡායාරූපද ප්‍රචාරය කර ජනාධිපතිවරයාගේ සහ ජාතික ආරක්ෂාවට හා මහජන සාමයට ඇති වූ බරපතල තර්ජනය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.
ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජයම්පති සිල්වා මහතා විසින් පසුගිය 30 දා පොලිපතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භවී ඇත.
මෙම දූත මණ්ඩලයට අදාල ලැයිස්තුව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන සංධාන නිලධාරී (Chief of Protocol) රිස්වි හසන් මහතා විසින් සකස්කර ඇත.
මෙම සංචාරය අගෝස්තු 22 වන දින නිවියෝර්ක් බලා ගමන් කිරීමට නියමිත වූ අතර සංචාරය අතරතුරදී දෝහා නගරයේ ගුවන්තොටුපළේ ඇති ප්‍රභූ පර්යන්තයේ මද වෙලාවෙක් රැඳී සිටින අවස්ථාවේ දර්ශන හා ජනාධිපතිවරයා හා දූත මණ්ඩලය නවාතැන්ගෙන සිටි ඇමරිකා එක්සත් ජනපදයේ පාර්ක් ඇවිනිවු හි ලෝස් රීජන්සි නැමැති හෝටලයේ ඔහු ඇතුළු දූත මණ්ඩලය නවාතැන් ගෙන සිටි කාමර අංක, දුරකතන අංක, නම් සහ තනතුරු ආදී තොරතුරු ජනාධිපතිවරයා එම හෝටලයේම නවාතැන්ගෙන සිටි කාල වකවානුවේම 'ලංකා ඊනිව්ස් 'වෙබ් අඩවිය ඔස්සේ හා ඒ හා සමගාමීව වෙනත් සමාජජලා වෙබ් අඩවි තුළ ද ප්‍රචාරය කර තිබිණ.
දෙමල ඩයස්පෝරාවේ තර්ජන !
මෙම සංචාරයට ප්‍රථම ජනාධිපතිවරයාට එරෙහිව ද්‍රවිඩ ඊලාම් සංවිධානයේ ඊලාම් රාජ්‍යයේ අගමැතිවරයා යයි හඳුන්වාගනු ලැබූ රුද්‍රකුමාර් යන අය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධාන ගොඩනැගිල්ල තුළදී හෝ ජනාධිපතිවරයා සහභාගි වන උත්සව හෝ වෙනත් ස්ථාන තුළට පැමිණ උද්ඝෝෂණය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධි තොරතුරු ලැබී තිබු බව ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජයම්පති සිල්වා මහතා සිය පැමිණිල්ල මගින් පොලිපතිවරයට දැනුම්දී ඇත.
මෙසේ 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ ජායාරුප පලවීම සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක දිසාව විසින් දෝහා නගරයේ ගුවන්තොටුපළේ ඇති ප්‍රභූ පර්යන්තයේ පැවති CCTVදර්ශන ලබා ගෙන පරික්ෂාවට ලක් කර ඇති අතර එහි දී එම දූත මණ්ඩලය අතර සිටි ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම් යයි හඳුන්වනු ලැබූ “මලිත් ඉසුරු” නැමැත්තා විසින් ජංගම දුරකතනයෙන් දෝහා නගරයේ ගුවන්තොටුපළේ ඇති ප්‍රභූ පර්යන්තයේ දී ඡායාරූප ලබාගත් බවට හඳුනාගෙන ඇත.
මොහු දූත කණ්ඩායම සමග නිව්යෝර්ක් නගරයට පිටව ගොස් එක්සත් ජාතීන්ගේ සාකච්ඡා වාරවලට ද සහභාගි වී ඇත.

0 comments :
Post a Comment