අයිසීසී ‘මැච් ෆික්සිං’ නම් ලැයිස්තුවේ සනත් ජයසූරිය ඉදිරියෙන්

https://www.gossiplankanews.com/2018/10/cricket-icc-match-fixers.html#more
ලෝකයේ  ක්‍රිකට් වංචා සම්බන්ධයෙන් දූෂිතම රට හැටියට ශ්‍රී ලංකාවේ නම පසුගියදා වාර්තාවීම ගැන කිසියම් අවිනිශ්චිතභාවයක් මෙරට ක්‍රිකට් ලෝලීන්ට පැනනැගිණි. එයට හේතුවූයේ මාධ්‍ය වාර්තා තුළ අන් රටවලට සාපේකෂව ඔය කියන තරම් දූෂණ සනාථවූ බවට ආරංචි නොලැබීමයි. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ
සම්බන්ධයෙන් විමර්ශනය කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (ICC Anti-Corruption Unit ) සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායම පසුගියදා මෙරට ජනාධිපති අගමැති දෙදෙනාට
ලබාදුන් වාර්තාව අනුව අදහාගන්නට අපහසු අයගේ නම්ගම්ද හෙළිව තිබේ.


හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්‍ර සේනානායක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් බුකී කරුවන් සමග ‘මැච් ෆික්සිං’ සඳහා කරන ලද සාකච්ඡා සහිත පටිගත කිරීම් සහ පසු ක්‍රීඩා කිරීම් අනුව ඔවුන් වැරදි කරුවන් බවත්,
ජෙෆ්රි දබරේරා ‘පිච් ෆික්සිං’ සඳහා සම්බන්ධ බවටත් එම වාර්තාවල සඳහන් වන අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම සඳහා සම්බන්ධ පුද්ගලයා ලෙසද නම් කර තිබෙන බව වාර්තා වෙයි.

ICC ය මේ විමර්ශනය සිදු කළේ පසුගියදා අල් ජසීරා නාලිකාව විසින් හෙළිකරන ලද ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳ දිර්ඝ වාර්තා වැඩ සටහන මගින් හෙළිවූ කරුණු වලින් පසුවයි.

මෙම වාර්තාව ලබා දීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ ඇති දූෂණ මර්දන ඒකකයේ ශාඛා කාර්යාලයක් ශ‍්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙන අතර සිදු කළ දූෂණ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වනු ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment