ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි තමන්ගේ ගිණුමට බැරකරන්න හැදූ අකවුන්ට් හෙඩ් අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2018/10/sri-lanka-cricket-fraud.html#more
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි විය යුතු මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සහ ගැනීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි විමල් නන්දික දිසානායක (42) ඊයේ (22) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා ලදි.
හෝමාගම ගලවිල වත්ත පදිංචි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013 වසරේ සිට විකාශන අයිතිය හිමිව තිබූ සෝනි සමාගම කළ ගෙවීම්
වංචාවට ලක්කිරීමට උත්සාහ කළ බවට සැක කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෝනි සමාගමේ මුදල් ගෙවීම් සිදුකරනු ලබන්නේ අදියර තුනකිනි.
එනම් මෙරට ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට දින නියම වූ විට සියයට පනහක්, අදාල තරගාවලියේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටට පැමිණි පසු සියයට තිස් පහක්.


ක්‍රිකට් තරගය නිමා වූ පසු සියයට පහළොවක් වශයෙනි. ඉකුත් දිනවල දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙරටට පැමිණි තරගාවලිය නිමා කළ පසු ගෙවිය යුතු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට නොව චෙනත් ගිණුම් අංකයක් ලබා දි ඊට බැර කරන ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මුල්‍ය නිලධාරියා සෝනි සමාගමට දන්වා තිබේ. එමෙන්ම එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණි පසු ගෙවීය යුතු මුදල්ද ඉහත කී ගිණුම් අංශයට බැර කරන ලෙස දන්වා තිබේ. මෙකී ගීණුම ඇමෙරිකාවේ පවතින ගිණුමකි.
මේ පිළිබඳ සෝනි ආයතනයට යම් සැකයක් ඇති වී ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව දැනුවත් කර තිබේ.
ඒ අනුව ප්‍රධාන විධායක නිලධාරි ඈස්ලි ද සිල්වා මහතා
ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කර ඔහුගේ උපදෙස් මත පොලිස් මූල්‍ය
කොටිඨාශය වෙත පැමිණිලි කරනු ලැබුයේ ආයතනයට හිමිවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමේ උත්සහය සම්බන්ධයෙනි. මෙම සැකසහිත ඇමරිකානු ගිනුම එුහට සම්බන්ධයක් ඇති ගිණුමක් බව පරීක්ෂණවලදී කරුණු අනාවරණය වෙමින් පවතී. එම ගිණුමට මුදල් බැරකරවාගෙන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි විමල් නන්දික දිසානායක ඒවා පුද්ගලිකව ලබාගන්නට උත්සාහ කර ඇති බව මේ අනුව පෙනී ගොස් තිබේ.
සැකකරු අද (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment