අලුත බැන්ද හැරී හොඳ පියෙක් වෙන්න සූදානම්


පසුගිය මැයි මාසයේ විවාහ දිවියට පිවිසි බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හැරී කුමරු හා මෙගන් දෙදෙනාට දරු සම්පතක් උදාවීම සම්බන්ධ විවිධ කටකතා මේ දිනවල එරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ඒ බව නිල වශයෙන් කිසිදු

නිවේදනයක් රජ මාලිගය ප්‍රකාශ කර නැති අතර රජ පවුල ගැන උනන්දුවෙන් පසුවන එරට වැසියන් මේ සම්බන්ධයෙන් ට්විටර් ආදී සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති කර තිබේ.

එක් පණිවිඩයකින් පවසා ඇත්තේ මෙගන්ගේ අලුත්ම පෙනුම මගින් ඇය ගර්භණී බව පෙනී යන බවයි. ඇගේ කෙස් වැටිය හා මුහුණේ සමේ ස්වභාවය තුළින් මෙම ලක්ෂණ හඳුනාගත හැකි බවයි.
තවත් පණිවිඩයක දක්වා ඇත්තේ ඇය ගමන් කරද්දී ඇඟිලි සැහැල්ලුවෙන් තබාගෙන යන බවත් ඒ ස්වභාවය මතද සැකයක් මතුවන බවයි.

මේ අතර නොබෝදිනකින් පිය පදවිය හැරී කුමරුට ලැබේ නම් ඔහු ඒ සඳහා උපරිම සුදුසුකම් ඇති තරුණයෙකු බවට හෙළිදරව් කෙරෙන ඡායාරූපද සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. ඒවායින් ඔහු දරුවන්ට දක්වන දයාබරිතත්වය නිරූපණය කෙරේ.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment