"ලංකා-මහජන" බැංකු දෙකම මෛත්‍රීට : කාන්තාවන් දෙදෙනෙක් කරලියට?


ලංකා බැංකුව සහ මහජන බැංකුව සඳහා නව සභාපතිවරියන් දෙදෙනෙකු නම්කර යැවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ලංකා බැංකුව සඳහා සුජාතා පෙරේරා සහ මහජන බැංකුව සඳහා දමිතා ද සොයිසා නම් කර විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත යොමුකර ඇති බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

"දිගටම ඉන්න" : එජාපය ලංකා බැංකු සභාපතිට දන්වලා !

මේ අතර ලංකා බැංකුවේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා ට එම ධුරයෙන් ඉවත් නොවන ලෙස එක්සත් ජාතික පක්ෂය දන්වා ඇති බවද වාර්තා වෙයි. ඒ අනුව ඔහු මෙතෙක් තම ඉල්ලා අස්වීම ලබාදී නොමැති බවද දැනගන්නට ඇත.

හේමසිරි ප්‍රනාන්දු : තීන්දුවක් අරගෙන 

තවද මේ වන විට මහජන බැංකුවේ සභාපති, මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පසුගියදා පත්වීම ලැබූ හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විෂයභාර අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව දැනගන්නට ඇත.

එසේම ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

හේමසිරිගේ සුජාත භාවය?

මේ අතර පසුගියදා මහජන බැංකුවේ සභාපති, මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සුජාත භාවය පිළිබඳව දේශපාලන විශ්ලේශකයන් විසින් ද ප්‍රශ්ණ කර තිබිණ.


එම විඩියෝව පහතින්,




බැංකු කාන්තාවන් දෙදෙනෙක් යටතට 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ සභාපතිවරුන් ලෙස කාන්තාවන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ කර ඇතැයි ජනධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව මහජන බැංකුවේ සභාපති ලෙස සුජාතා පෙරේරා මහත්මියගේ නමත්, ලංකා බැංකුවේ සභාපතිනිය ලෙස දමිතා ද සොයිසා මහත්මියගේ නමත් ජනාධිපතිවරයා විසින් නිර්දේශකර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත යොමුකර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment